ගල්කිස්සේ චීන නාම පුවරුව සවිකළේ යහපාලන යුගේ!

December 8, 2020 at 7:44 pm | by emanisa.lk

ගල්කිස්ස දුම්රියපොළේ චීන මැන්ඩරින් සහ ඉංගිරිසි භාෂාවලින් ලියා ඇති දුරගමන් සේවා දුම්රිය පිළිබඳ නාම පුවරුව 2015-2016 වසරේ සවි කරන ලද්දක් බව හෙළි වී තිබේ.

ගල්කිස්ස මහා හෝටලයේ අනුග්‍රහයෙන් එහි පැමිණෙන චීන භාෂාව පමණක් දන්නා සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම පුවරුව සවි කර ඇතැයි වාර්තා වෙයි.

එසේ ම සිංහල සහ ඉංගිරිසි භාෂාවලින් ද මෙහි අදාළ විස්තර පුවරු දැකගත හැකි වුව ද දෙමළ බසින් පුවරු නොමැති බව දැනගන්නට තිබේ.

කෙසේ වුවද පසුගිය සමයේ විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය කණ්ඩායම් මෙම පුවරුව වර්තමාන ආණ්ඩුව යටතේ මෑතක සවිකර බල පවසමින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙම පුවරු පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති අතර ඉදිරියේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුගත සිංහල, දෙමළ, ඉංගිරිසි භාෂාවලින් පුවරු සවි කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස