කෝප් කමිටුවෙන් ගිය අය වගකීම පැහැර ඇරියා.. සභාපති විදිහට ස්වාධීනව වැඩ කරනවා..!

March 21, 2024 at 12:50 pm | by emanisa.lk

දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වුවත් එහි සභාපති වශයෙන් ස්වාධීනව තමාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරගෙන යන බව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීරුවරුන් කිහිප දෙනෙකු මෙලෙස ඉවත් වී ඇති බවත් සාමාජිකත්වයෙන් යම් මන්ත්‍රීවරයෙකු ඉවත්වූයේ නම් ඒ වෙනුවට මන්ත්‍රීවරයෙකු නම් කළ යුතු බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් හෙතෙම පැවසීය.

තමා දේශපාලන වේදිකාවේදී නියෝජනය කරන පක්ෂයට අනුව කටයුතු කළත් කෝප් කමිටු සභාපති වශයෙන් පක්ෂ, පාට, භේද නොබලා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් සිය කාර්යභාරය ඉටුකරන බවත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *