‘රෝහිත හොරා’ කිව්වට, මට ට්‍රැෆික් නඩුවක්වත් නෑ..! – විජිතට එරෙහිව කෝප් සභාපති අධිකරණයට…

March 17, 2024 at 5:28 pm | by emanisa.lk

තමාට අපහාස කළ ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන අතර ඔහුට හොරා යැයි පැවසීමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

“ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මට හොරෙක් කියලා කියනවා. එතුමාට පුළුවන් අන්න ඒ චෝදනා අධිකරණය ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් කරන්න.

එනිසා මගේ නීතීඥ මහත්වරු හරහා එන්තරවාසිය ලබන සතියේම යවන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට රිය අනතුරක් සම්බන්ධයෙන් හරි තියෙනවා නඩුවක්. මම දන්නෙ නෑ එතුමා බීලා හිටියාද නැද්ද කියන එක. එතුමාට ට්‍රැෆික් නඩුවක්වත් තියෙනවා, මට ට්‍රැෆික් නඩුවක්වත් නෑ.

ජනතා විමුක්ති පෙරමුණ ඉපදිලා තියෙන්නෙම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්. මම හිතන්නෙ ඒක ජන්ම ගතියක් වෙන්න ඕනෙ. මේක අරින්න බෑ. බල්ලො බිරුවාට කඳු පාත්වෙන්නෙ නෑ. එනිසා ඕනෙ තරම් මඩ ගහන්න, හැබැයි අපි නීතිමය ක්‍රියාමාර්ගය නියත වශයෙන්ම මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගන්නවා. වෛරය වැඩිකරගන්න එපා, කැතවෙනවා, අවලස්සන වෙනවා, ආයුෂ අඩුවෙනවා”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *