කොප් සභාපතිට එරෙහිව සජබ මන්ත්‍රී මාරාන්තික උපවාසයකට..!

March 20, 2024 at 12:14 pm | by emanisa.lk

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී ඔහු පැවසුවේ එම පත්කිරීම මඟින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි.

කෝප් කමිටුවෙන් මේ වන විට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත් වී ඇති බව පෙන්වා දුන් නලීන් බණ්ඩාර, කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූයේ ය.

කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය දක්වති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *