කෝටි 200ක් වටින ටොන් භාගේ මැණිකේ කතාව බොරුවක්….! රු. ලක්ෂ 10කට වඩා වටින්නේ නෑ….! රටේ නමත් කැත කරන වඩක්…!

July 29, 2021 at 9:52 am | by emanisa.lk

මෑතක දී පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගලේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් මෙම මැණික් ගලේ නොමැති බව රාජ්‍ය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී පාලිත ගුණසේකර සඳහන් කරයි.

එම විශාල මැණික් ගලේ මැණික් ගල් සියල්ලම මියගොස් ඇති බවත් මැණික් ගල් විනිවිද නොපෙනෙන බවත් ඒවායේ කිසිදු වටිනාකමක් නැති බවත් පවසන ඔහු නමුත් කෞතුකාගාරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක වැනි මුදලකට විකුණා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරයේ හිමිකරු එල්.එල්.ඒ. නන්දන සඳහන් කරන්නේ මෙවැනි වැඩකටයුතු නිසා ලංකාවේ නමත් අපකීර්තියට පත් වන බවයි.

තමන් සන්තකයේ මේ හා සමාන මීට වඩා වටිනා මැණික් ගලක් ඇති බවත් අදාළ මැණික රුපියල් ලක්ෂ තුන හතරකට වඩා වටිනාකමක් නැති බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ මෙම මැණික් ගල රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බවත් එය අයිතිකරුවන්ගේ කැමැත්ත මත චීනයේ වෙන්දේසියක විකිණීමට පියවර ගන්නා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *