කොළඹ වරායේ රසායන ද්‍රව්‍ය නැවක ගින්නක්….! නාවික හමුදාව වරාය අධිකාරිය ගින්න මැඩලීමේ සටනක…!

May 21, 2021 at 9:29 am | by emanisa.lk

ඊයේ (20) රාත්‍රී කොළඹ වරායෙන් පිට නැංගුරම් පොළේ නවතා ඇති ‘X-PRESS PEARL’ නෞකාවේ ගින්නක් හට ගෙන තිබේ.

එහි රසායනික ද්‍රව්‍ය අඩංගු බහාළුමක් ආශ්‍රිතව මෙම ගින්න හට ගෙන ඇත.

නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කරමින් ඇත.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇත.

නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *