කොළඹ බටහිර පර්යන්තයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 553ක්…!

November 8, 2023 at 11:51 am | by emanisa.lk

ඇමරිකා එක්සත් ජනපදය කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 553ක ණයක් ප්‍රදානය කොට තිබේ.

බටහිර ගැඹුරු පර්යන්තයේ එම සංවර්ධන කටයුතු සමග කොළඹ වරායේ නැව් මෙහෙයුම් කටයුතු තවත් පුළුල් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන් ම විශාල පිරිසකට නව රැකියා උත්පාදනයට ද හේතු වනු ඇතැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *