ධනවතුන්ගේ නිවෙස්වල තවත් දරුවන් මෙහෙකාර සේවයේ…! නිවෙස් වෙත කඩා පනින්න සූදානම්…!

July 23, 2021 at 8:34 pm | by emanisa.lk

කොළඹ ප්‍රදේශයේ ඇතැම් ධනවතුන් තම නිවෙස්වල මෙහෙකාර සේවයට දරුවන් යොදවා තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එවැනි නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ අවධාරණය කරයි.

“අපිට තොරතුරු ලැබෙනවා කොළඹ ප්‍රදේශයේ ධනවත් පවුල්වල නිවෙස්වල කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදව ගන්නා බවට. අප ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා මෙවැනි නිවාස පරීක්ෂා කරන්න. එවැනි ළමයින් සිටිනවා නම් නිවැසියන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.

සම්බාහන මධ්‍යස්ථානවලත් දරුවන් යොදාගෙන මෙවැනි කටයුතු සිදුවෙන බවට තොරතුරු ලැබුණොත් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සීමට ලක්ව මියගිය දැරියගේ පොලිස් විමර්ශන ක්‍රියාවලිය ගැන ළමා ආරක්ෂක අධිකාරිය එතරම්ම සතුටු වන්නේ නෑ. ඒ පිළිබඳව අපි පොලීසියට ලිඛිතව දන්වලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස