කොළඹ ගස් රකින්න නව වැඩපිළිවෙළක්! හදිසියේ ගස් කඩා වැටීම ගැන විමර්ශන!

October 4, 2020 at 2:11 pm | by emanisa.lk

කොළඹ නගරයේ මාර්ග දෙපස ඇති ගස් සුරැකීමට හා එම ගස් කඩා වැටීමෙන් මහ ජනතාවගේ දේපොළ විනාශ වීම වැළැක්වීමට ජනාධිපති කාර්යාලයේ පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් නව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් අනතුරුව මේ වැඩසටහන ආරම්භ කර ඇත.

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණි.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, ව‍නෝද්‍යාන අංශ භාර නිලධාරී සුනිල් ගමගේ, වනෝද්‍යාන අංශ භාර කොළඹ මහ නගර සභාවේ සහකාර නිලධාරී පසන් තරිදු වික්‍රමසිංහ සහ නගර අ‍ලංකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ තරංගා මුණිවීර මෙම අධ්‍යයන සමීක්ෂණයට සහභාගී වූහ. ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර ඒකක නිලධාරීන්ගේ සහය ඔවුනට ලැබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස