අද ඉරිදා දිනයක් වුව ද කොළඹ ඇතුළු බොහෝ නගර වේගවත් කොවිඩ් ව්‍යාප්තියත් සමග දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබේ.
මාර්ග පාළුවට ගොස් ඇති අතර වාහන ධාවනය බෙහෙවින් සීමා වී ඇත.
දැඩි සංචරණ සීමා පැනවීම මෙන් ම ජනතාව ද ස්වයං සංචරණ සීමා පනවා ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
ජනතාව මෙලෙස වගකීමෙන් යුතුව කටයුතු කිරීම අගය කළ යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් පළව ඇත.