කටකතා සැබෑ වෙයි…! සංචරණ සීමා 21 දක්වා…!

June 11, 2021 at 6:21 pm | by emanisa.lk

දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

රට පුරා ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා පෙර තීරණය කරගත් පරිදි ලබන 14 වෙනිදා ඉවත් කිරීමට පෙරේදා (10) තීරණය කර තිබිණ. එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අද පුළුල් ලෙස සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන කාලය මෙසේ දීර්ඝ කරන ලදැයිද ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කෙරුණද කර්මාන්තශාලා, ප්‍රධාන වැඩබිම් හා ආර්ථික මධ්‍යස්ථාන, පොළවල් හා කාබනික පොහොර නිෂ්පාදන යනාදි කටයුතු සෞඛ්‍ය නීතිවලට දැඩිව අනුගත වෙමින් කටයුතු කිරීමට ද අවසර හිමි වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන සේවා කටයුතුවලට ද වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහාද අවසර හිමිවනු ඇත. කොවිඩ් 19 පාලනය කිරීම සඳහා දිවයින පුරා සංචර සීමා ක්‍රියාත්මක කෙරුණේ පසුගිය මැයි 21 වැනි දා සිට ය. රට පුරා සංචරණ සීමා අද (11) වන විට දින 23ක කාලයක් ක්‍රියාත්මක කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *