ආණ්ඩුවෙන් තවත් සංචරණ සීමා ඉල්ලන්නේ නෑ…! ජනතාව ස්වයං සීමා දා ගෙන ආරක්ෂා වෙන්න….! – PHI සංගමයෙන් ආයාචනයක්….

August 14, 2021 at 6:41 pm | by emanisa.lk

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සඳුදා සිට ස්වයං විනයක් සහිතව ස්වයං සංචරණ සීමා පනවා ගැනීමක් සිදුකරන ලෙස ජනතාවගෙන් ආයාචනය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මින් ඉදිරියට සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් රජයට බලකිරීම් සිදු නොකරන බවය.

“දින කිහිපයක් දෛනිකව රෝගීන් 3,000 ඉක්මවලා වාර්තා වෙනවා. මරණ 150 ඉක්මවලා වාර්තා වෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය ඉතාම දරුණු වෙයි.

ඇත්තට ම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි.

ලබන සඳුදා දිනයේ සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවා ගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරමු. බලධරීන්ට කියන්නේ සීත කාමරවලින් එළියට ඇවිත් මිය යන මිනිස්සු සහ රෝගී වන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉදිරියට තීරණ ගන්නවා නම් රට ලස්සන වෙයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස