කොළඹින් පැරදුණු සුජීව සේනසිංහ මහනුවරින් කරළියට!

December 5, 2020 at 12:10 pm | by emanisa.lk

සුජීව සේනසිංහ මහනුවරින් නැවතත් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව සමගි ජනබලවෙග අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුගිය මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ සුජීව සේනසිංහ පරාජයට පත්විය. පරාජයෙන් පසු ඔහු කියා සිටියේ තමා දේශපාලනයෙන් සමු ගන්නා බව ය.

දේශපාලනය නිසා සිය විවාහය කල් ගිය බවත් උසස් අධ්‍යාපනය බිඳ වැටුණු බවත් එකල ඔහු මාධ්‍ය වෙත පවසා තිබිණි.

කෙසේ වුවද සමගි ජන බලවේගය ආසන සංවිධායකයින් පත්කිරීමේ දී සේනසිංහ මහනුවරින් ආසනයක් ඉල්ලා තිබේ. ඔහුට නුවර යම් ප්‍රබල ඥාති සම්බන්ධයක් ද ඇතැයි පැවසෙයි.

කෙසේ වුවද සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මහ නුවර ජ්‍යෙෂ්ඨයින් මේ පිළිබඳ එතරම් කැමැත්තක් නොමැති බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස