කොළඹට මාර්ග 4කින් සමන්විත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ගේනවා…! පාඨලීගේ ව්‍යාපෘතිය අතහැර දැම්මේ එය රට ණය කරන ව්‍යාපෘතියක් නිසයි….!

February 14, 2021 at 9:28 am | by emanisa.lk

කොළඹ නගරය සඳහා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් හඳුන්වා දීමට අගමැති මහින්ද රාජපක්ෂ වෙත යෝජනා කරන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

පසුගිය රජය ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කොළඹ-මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට සිදු වූයේ එහි වියදම ඇමරිකානු ඩොලර් බිලියන 02ක් තරම් ඉතා අධික වූ නිසා බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

එම ව්‍යාපෘතිය සඳහා ණය ගත්තේ නම් රුපියල අවප්‍රමාණ වීම සමඟ එම ණය බර සහ පොළිය තවත් ඉහළ යාමට ඉඩ තිබුණු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එම ව්‍යාපෘතිය නරත කළ පමණින් කොළඹට සැහැල්ලු දුම්රිය හඳුන්වා දීමේ අදහස අතහැර නොමැති බව පෙන්වා දුන් ඇමැති ගොඩහේවා කොළඹ ආවාරණය වන පරිදි දුම්රිය මාර්ග 04කින් සමන්විත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *