ගමේ ජනතාවට ජල සහ මාර්ග පහසුකම් දෙන්න රජයේ ප්‍රමුඛතාව! කො⁣ටුව මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගුයි!

September 21, 2020 at 6:52 pm | by emanisa.lk

කොළඹ කොටුව සිට මාලබේ දක්වා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ කිලෝ මීටර් 15ක් දිග සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමග සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහාපරිමාණ (මෙගා) ව්‍යාපෘතිවල සිට වාරිමාර්ග, කෘෂිකාර්මික කිලෝ මීටර් 100000 මාර්ග ව්‍යාපෘතිය සහ නව ගෘහ ජලසම්බන්ධතා 150000ක් ලබාදීම යන ක්ෂුද්‍ර, අත්‍යවශ්‍ය ව්‍යාපෘති වෙත මාරු වීමට රජය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමේ සාකච්ඡා අරඹන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

‘ජයිකා’ ගිවිසුම නිල ගිවිසුමක් බවත් එම කොන්ත්‍රාත්තුව සාකච්ඡා මාර්ගයෙන් නිල වශයෙන් අවලංගු කළ යුතු බවත් දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *