කොස් පැළ දස ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනක්….! දේශීය ආහාර සුරක්ෂිතතාව ගොඩනැගීමේ පියවරක්….!

March 27, 2021 at 11:23 am | by emanisa.lk

ලංකා සමාජ සවිබල ගැන්වීම සංවිධානය කොස් පැළ ලක්ෂ දහයක් සිටුවීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු පියවර වත්තල දී අද ආරම්භ වේ.

බද්ධ කළ කොස්පැළ නොමිලයේ ලබා දී ඒවා පීදෙන තුරු අධීක්ෂණය මෙන් ම අවශ්‍ය පොහොර සහ නඩත්තුව සඳහා ප්‍රතිපාදන ද සපයන බව ලංකා සමාජ සවිබලගැන්වීම පදනමේ සභාපති සී.එස්. කාලිංග කියයි.

සශ්‍රිකත්වයෙන් සපිරි හරිත දේශයක කොස් වගාව ප්‍රචලිත කිරීම තුළින් දේශීය ආහාර සුරක්ෂිතතාව හා හෙළයේ ජවසම්පන්න නිරෝගී ජීවන රටාව දැයට දායාද කරමින් සෞභ්‍යාග්‍යමත් රටක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද සී.එස්. කාලිංග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *