කොවිඩ් වැළඳුණු නිදන්ගත රෝගීන් 80%ක් මැරෙනවා….! මරණ අඩු කරගන්න නම් ඔවුන්ට වහා එන්නත දෙන්න…! – මහාචාර්ය තිස්ස විතාරණ….

May 25, 2021 at 8:13 pm | by emanisa.lk

කොවිඩ් මරණ අවම කිරීමට මේ මොහොතේ දී අනුගමනය කළ හැකි සුදුසු ම උපක්‍රමය වන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන මෙරට අධි අවදානම් කණ්ඩායම්වලට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීම බව වෛරස වේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අවධාරණය කරයි.

කොරෝනා වැළඳී මිය ගිය වැඩි පිරිසක් එවැනි නිදන්ගත රෝගවලින් පෙළුණු අය බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

මෙයට අමතරව කොවිඩ් තුරන් කිරීමට නම් මෙරට ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවැසූ මහාචාර්යවරයා සියයට 50 ක් එන්නත ලබාදීම ප්‍රමාණවත් නොවන බවද පැවසුවේය.

රෝගීන් සියයක් සිටියහොත් මෙරට පී.සී.ආර් පරීක්ෂණවලින් හඳුනා ගැනෙන්නේ ඉන් සියයට හැත්තෑවක් පමණක් බවත් සෙසු රෝගීන් තිහ වසන් වන බවත් ඔහු අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *