රට පුරා ගුරු විදුහල්පති වර්ජනයක්! අධ්‍යාපන කටයුතුවලට බාධා!

February 26, 2020 at 11:10 am | by emanisa.lk

ගුරු හා විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පාසල්වල ගුරු සහ විදුහල්පති සංගම් 18 ක් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත.

‍මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් ලහප්පෙරුමගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන්කළේ මෙම ගැටළුවට විසඳුම් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්කර ඇති අත ඉදිරියේදී මෙයට විසදුම් ලැබෙනු ඇති බවත් ඒ සදහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවත්ය.

කෙසේ වුවද මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර වතු ආශ්‍රිත පාසල්වල බොහෝ ගුරුවරුන් ද සේවයට වාර්තා කර ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *