කොවිඩ් ව්‍යාප්තිය මැද ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම් බස්නාහිර පළාතේ පමණක් වගුරු බිම්, පහත් බිම් හා කුඹුරු ඇතුළු ඉඩම් අක්කර සියයකට වඩා නීති විරෝධී ලෙස ගොඩකර ඇතැයි අනාවරණය වේ.
මේ සම්බන්ධව සොයා බැලීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අලුතින් ආරම්භ කළ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත මේ වන විටත් පැමිණිලි ගලා එන්නට පටන් ගෙන ඇත.
පැමිණිලි අනූවක් පමණ ඊයේ (28) වන විට එම ඒකකයට ලැබී තිබේ. එම පැමිණිලිවලට අනුව ස්ථාන සියයකට වඩා බස්නාහිර පළාතේ පුරවා ඇතැයි දැනට සොයාගෙන ඇත.
ඉඩම් අක්කරය, පර්චස් 30, 40, 50 වශයෙන් විවිධ ඉඩම් ගොඩකිරීම් ගැන මෙම පැමිණිලි ලැබී තිබේ. මේ සම්බන්ධව විශේෂ මෙහෙයුම් කිරීමට පත්කළ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය පෙරේදා (27) සිට මෙහෙයුම් ආරම්භ කර තිබිණි.