කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නියමයන් සියල්ල උල්ලංඝනය කරමින් පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුනියප්පර් සහ සිවන් හින්දු කෝවිල් දෙකෙහි පැවැත්වූ වාර්ෂික දේව පූජාවන් හේතුවෙන් එම කෝවිල් ඊයේ (08) සිට දින 14කට මුද්‍රා තැබීමට පේදුරුතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.
අදාළ කෝවිල් දෙකේ භාරකාර මණ්ඩලයන් විසින් ගත් තීරණයක් මත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම පූජාවන් පැවත්වීමට පියවර ගෙන ඇති බවත් විශාල පිරිසක් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරමින් මීට සහභාගී වූ බවට සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබී තිබිණි.
පේදුරුතුඩුව ප්‍රදේශයේ දැනට පවතින දැඩි කොවිඩ් අවදානම හමුවේ පුද්ගලයන් දෙදහසකට අධික පිරිසක් නිවෙස්හි නිරෝධායනය වෙමින් සිටින අවස්ථාවක කිසිදු උත්සවයකට සම්බන්ධ නොවන ලෙස සෞඛ්‍ය අංශ ලබාදී තිබූ උපදෙස්ද නොතකමින් මෙම උත්සව පවත්වා ඇතැයි වාර්තා වෙයි.