කොවිඩ් මර්දනයට යුද හමුදාවෙන් යෝධ මෙහෙයුමක්….! අලුතින් ඇඳන් 20 000ක් සමග ප්‍රතිකාර මධ්‍යස්ථාන 112ක්…..!

May 23, 2021 at 11:30 pm | by emanisa.lk

කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇඳන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.

රජයේ රෝහවල ඇඳන් ධාරිතාව වැඩි කිරිම සදහා 10.000 ක ප්‍රමාණයක් මේ වන විට ලබාදී ඇති බව ද හමුදාව සඳහන් කරයි.

ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 මේ දක්වා පවත්වා ගෙන යන බවද බව ද හමුදාව සඳහන් කරයි.

මෙලෙස නිෂ්පාදනය කර ඇති ඇඳන්වලින් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව ද හමුදාව සඳහන් කරයි .

කොස්ගම යුධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද හමුදාව කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස