කොවිඩ් මරණ රහසේ ම භූමදානය කරල…! කින්නියා ගම් 11ක් වහා ම වසා දැමේ….!

May 15, 2021 at 10:33 am | by emanisa.lk

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස්වල මිය යන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි තිරිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්. කොස්තා පවසයි.

මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්ත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදුන් බව කී අධ්‍යක්ෂවරයා නිවෙස් තුළ මිය යන්නන් රහසිගතව වළ දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාව තව දුරටත් සොයමින් සිටින බව කියයි.

මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා, පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්, පෙරියාතු මුනෙයි, මාලින්තුරෙයි, රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුනච්චේනෙයි යන ග්‍රාම නිලධාරි වසම් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව ද අධ්‍යක්ෂවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *