කොවිඩ් දත්තවල සංඛ්‍යාවල වරදක් තියෙනවා…! වරද නිවැරදි කළ පසු මරණ අනුපාතය පහළ යනවා…!

August 16, 2021 at 10:26 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේ දී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසයි.

කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව කී වෛද්‍යවරයා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය ද අඩුවනු ඇතැයි සඳහන් කළේය.

මෙය දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අවධාරණය කළේ ය.

දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යයනය කටයුතු සිදුකරමින් සිටින බව කී වෛද්‍ය බටුවන්තුඩාසිදුවූ වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස