කොවිඩ් කියල රට එක තැන පල්වෙන්න දෙන්න බෑ….! ඇඳන් හදල ජිම් දාලා ඉදිරියට යන්න ඕන…! – නාමල්…

May 13, 2021 at 10:36 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවත් රට ක්‍රියාශීලීව පවත්වා ගෙන යා යුතු බවත් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

“දැන් විපක්ෂය එක පැත්තකින් කියනවා ඇඳන් හදලා වැඩක් නෑ කියලා. අනිත් පැත්තෙන් කියනවා ජිම් දාලා වැඩක් නෑ කියලා. එහෙනම් දැන් මොකක්ද කරන්න කියන්නෙ?

පැහැදිලිවම කොරෝනා ව්‍යාප්තියත් එක්ක මේ රට ගොඩනගන්න ඕනෙ. ඔය කියන කායවර්ධන මධ්‍යස්ථාන අපි දාන්න පටන් ගත්තෙ දෙසැම්බර් මාසෙ. කැබිනට් පත්‍රය ආවෙ ඒ සඳහා අනුමැතිය ලබාදීමට පමණයි, හැබැයි ඒ මේක අයවැය ලේඛනයේ ආපු නියමු ව්‍යාපෘතිය සාර්ථක නිසා. ඒවගේම තමයි ඒක ක්‍රියාත්මක කිරීම අපි කරන්නෙ මේ තුන්වෙනි රැල්ලෙන් පස්සෙ.

දැන් පැහැදිලිවම අපි කියන්න ඕනෙ කොරෝනා කියලා මේ රට ක්‍රියාශීලී රටක් නොවී ඉන්න බැහැ. ඒ වගේ ම ක්‍රීඩාවෙන් අපි ඉස්සරහට යන්න ඕනෙ. අපි ජාත්‍යන්තර ජයග්‍රහණ දිනන්න ඕනෙ.

රටේ ආර්ථික යුද්ධයක් ජයග්‍රහණය කිරීම, එහෙම නැත්නම් ආර්ථිකය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය මේ රටේ ක්‍රියාශීලී නිරෝගී සම්පන්න දරු පරම්පරාවක් අපි බිහිකරන්න ඕනෙ.”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මෑතකදී ආන්දෝලනයට ලක්වූ කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (12) කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස