කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් බදාදා ලංකාවට…! ප්‍රමුඛතාව කොරෝනා මර්දන සටනේ නියමුවන්ට…! -ජනපති…

January 23, 2021 at 12:13 pm | by emanisa.lk

ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 06ක් ලබන බදාදා දිනය වන විට මෙ රටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මෙම එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාව හිමි වන්නේ කොරෝනා මර්දන සටනෙහි නියැලී සිටින සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සඳහා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යට්ටපාන ප්‍රදේශයේ දී අද (23) පැවැත්වෙන “ගම සමග පිළිසඳරක්” වැඩසටහන සමග එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *