කොවිඩ් ඉදිරියේ එන්නත්කරණය සාර්ථකයි…! මරණ 85%ක් ආසාදිතයින් 75%ක් එන්නත් නොලත් පිරිසෙන්…!

July 29, 2021 at 9:55 pm | by emanisa.lk

පසුගිය සතියේ මෙරට කොවිඩ් ආසාදිතව මිය ගිය පිරිසෙන් 85%ක් ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබේ.

එසේ ම එම සතියේ වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 75%ක් ම කිසිදු එන්නතක් ලබා නොගත් අය වෙයි.

මේ අතර එක් එන්නත් මාත්‍රාවක් ලබා ගත් පිරිස 22%ක් වන අතර එන්නත් ලබා ගත් අය අතරින් රෝගීන් වාර්තා වී ඇත්තේ 3%ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *