කොවිඩ් අසාදිතව මිය යන අයෙකුට රජය ලක්ෂ 25ක වන්දියක් ගෙවිය යුතුයි…! – එජාපය..

May 25, 2021 at 8:23 am | by emanisa.lk

කොවිඩ් වසංගතයෙන් මිය යන පුද්ගලයෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුලට රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

එසේ ම වසංගතය මධ්‍යයේ වුවද සේවයේ නිරත වන රජයේ සේවකයෙකුට මසකට රුපියල් 25000ක අතිරේක දීමනාවක් සහ රුපියල් ලක්ෂ 50ක රක්ෂණාවරණයක් ලබා දිය යුතු යැයි ද ඔහු පෙන්වා දෙයි.

ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳ රජයට කිසිදු අදහසක් නොමැති බවත් වෘත්තීය සමිති සහ මහජන නියෝජිතයින් එක්ව ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා හඬක් නැඟිය යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *