කොවිඩ් අවදානම ඉහළයි…! සූදානමින් ඉන්න… පෙර දැනුම් දීම් නෑ….! ආසාදිතයින් වැඩි පැති ලොක්ඩවුන් කරනවා…! – හමුදාපති…

April 29, 2021 at 12:27 pm | by emanisa.lk

ඉදිරි සති දෙක තුනක කාලයේ දී මෙරට කොවිඩ් ආසාදිතයින් දැනට වඩා ප්‍රමාණයක් වාර්තා විය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොතෙක් ජනතාවට දැනුම්වත් කර තිබුණ ද සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකිරීම ආසාදිතයින් වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

“අපිට ආරංචි වුණොත් සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින් හමුවෙලා තියෙනව‍ෙ, එම ප්‍රදේශයටත් පොදුවේ අනෙකුත් අසල්වැසි ප්‍රදේශවලටත් කොවිඩ් පැතිර යෑමක් තියෙනවා කියලා, සෞඛ්‍ය අංශවලින් දැනුම්දුන් වහාම අපි පළමු අවස්ථාවේ දීම හුදකලා කරනවා.

පෙර දැනුම්දීමක් කොයි වෙලාවේවත් කරන්න ලැබෙන්නේ නෑ. මේ වතාවේ පෙර දැනුම්දීම් කර කර වහන්න ලැබෙන්නේ නෑ අපිට. යම් කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් අපි අනිවාර්යයෙන් ම කරනවා. නමුත් රටක් වහන්න සුදානමක් නෑ. ඕනෑම අවස්ථාවක කොවිඩ් තත්ත්වයක් ඇති වෙලා නම් පෙර දැනුම්දීමකින් තොරව හුදකලා කිරීමට සිදුවෙනවා.“

ඊයේ (28) දෙරණ අලුත් පාර්ලිමේන්තුවට එකතු වෙමින් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස