කොවිඩ් අවදානම ඉහළට…..! පරීක්ෂණවලින් 10%ක් ආසාදිතයි…! කුලියාපිටිම ලොක්ඩවුන්….!

April 22, 2021 at 9:05 pm | by emanisa.lk

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ සිදු කරණ PCR පරික්ෂණවලින් සියයට 10ක් පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උත්පල සංකල්ප පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *