ලංකාවේ 14 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි! අවසාන දින 09ට රෝගීන් 1000ක්!

October 22, 2020 at 6:37 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඈ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

ඒ අනුව මැයි 19 වන දින වන විට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය. ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්, අගෝස්තු 30 වන දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වන දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වන දින 5000 සීමාවත් ඉක්මවා ගියේය.

ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ. මේ විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස