කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි මංසංධිය අසල දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර ඉන් 9 දෙනෙකු ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එම 9 දෙනා අතරින් 5 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළේ ය.
එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ, සෙසු තුවාලකරුවන් සිව් දෙනා රෝහල්ගතව ප්රතිකාර ලබන බව ය.