කොල්ලකෑම් සොරකම් ඉහළට…! පොලිස් ලොක්කාගේ ගෙදරත් කොල්ලකති…!

December 3, 2022 at 4:34 pm | by emanisa.lk

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න, බොන්දුපිටිය නිවසට අද (03) දහවල් කඩාවැදුණ සන්නද්ධ කල්ලියක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් සහ රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

සන්නද්ධ සාමාජිකයින් කඩා වදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින්ගේ ප්‍රහාරයට ලක්ව ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

යතුරු පැදිවල පැමිණි සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත.

මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයේ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *