කොරෝනා මැද හම්බන්තොට දැවැන්ත ටයර් කම්හලක්! ඩොලර් බිලියනක වෙළඳපොළක් සහ නව රැකියා 2000ක්!

November 20, 2020 at 9:44 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දැවැන්ත ටයර් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට චීන සමාගමක් ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර තිබේ.

අදාළ ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ Shandong Haohua Tire Co. Ltd. ඊයේ (19) අත්සන් කර තිබේ.

මෙම සමාගම ලොව ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදන සමාගමක් වන අතර හම්බන්තොට වරාය කාර්මික කලාපයේ අක්කර 121ක් ඒ සඳහා වෙන් කර තිබේ.

මෙම කම්හලේ නිෂ්පාදන සම්පූර්ණයෙන් ම අපයනය ඉලක්ක කරන අතර බස් සහ ට්‍රක් රථ සඳහා වානේ සහ අර්ධ වානේ ටයර් නිෂ්පාදනය ප්‍රමුඛ වෙයි.

මෙම ටයර් කම්හල ඔස්සේ රැකියා 2000ක් පමණ උත්පාදනය වනු ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 01ක් වන මෙරට රබර් අපනයනය 2025 වන විට ඩොලර් බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස