කොරෝනා සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් නිෂ්පාදනය කළ ඖෂධය හොඳ ද නරක ද යන්න මිස එය හැදූ පුද්ගලයාගේ හතර වරිගේ සෙවීමෙන් පලක් නොමැති බව ඇමැති විමල් වීරවංශ පවසයි.
එහෙත් පිරිසක් මේ වන විට බෙහෙතේ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලීම පැත්තක තබා එය හැදූ පුද්ගලයා වෛද්‍යවරයෙක් ද ඔහුට ලියාපදිංචිය තිබේ ද ඔහු වඩුවෙක් ද කපුවෙක් ද ආදී කරුණු සොයා බලමින් සිටින බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
එම බෙහෙත සාර්ථක නම් එය හැදූ පුද්ගලයා කවුද යන්න කිසිසේත් අදාළ නොමැති බවත් ඔහුට ඒ සඳහා දැනුම ලැබුණු ක්‍රමය ද අදාළ නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
මේ කණ්ඩායම් අතීතයේ සිටියේ නම් ලෝවාමහාපාය හැදූ පුද්ගලයාගේ උපාධිය ඉල්ලා සිටීමට ඉඩ තිබූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.