කොරෝනා ප්‍රහාරයෙන් තෙල් නිෂ්පාදනය හාන්සියි! බැරලය ඩොලර් දෙකට වැටේ!

April 21, 2020 at 12:16 am | by emanisa.lk

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වඩා අඩු අගයකට අද සවස් වන විට පහත වැටී තිබේ.

වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) උදෑසන පහත වැටුණූ අතර එය වසර 40කට පසු වාර්තා වූ අඩුම අගයයි.

අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය.

තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව