කොවිඩ් පරදන්න මම විදෙස් ආධාර ඉල්ලුවා…! ප්‍රතිචාර සුබවාදියි…! – සජිත්…

May 2, 2021 at 7:48 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා හෝ දේශපාලන ආයුධයක් ලෙස භාවිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා විදෙස් තානාපතිවරුන්ට දුරකතනයෙන් අමතා රටට උවමනා එන්නත්, ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන, පීසීආර් යන්ත්‍ර ඇතුළු සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කරයි.

තම ඉල්ලීම් සඳහා තානාපති අංශවලින් සුබවාදි ප්‍රතිචාර ලැබුණු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

දේශපාලන මතවාද අමතක මේ අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් එකතු වන ලෙසත් නිරෝධායන නීති උපරිමයෙන් ආරක්ෂා කරමින් කොවිඩ් වසංගතය පරාජය කිරීමට එකතු වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම වසංගත තත්ත්වය පරාජය කළ ඊට පසු ආරක්ෂිත රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවලට නියැලිය හැකි බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

අද (02) සිය විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස