කොමිසම ඡන්දෙට දින දෙන්න කලින් සල්ලි හොයා ගන්න ඕන…! – රාජ්‍ය ඇමැති…

March 20, 2023 at 3:33 pm | by emanisa.lk

මැතිවරණ කොමිසම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර ගත යුතුව තිබූ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

මේ දිනය මැතිවරණය සඳහා “හොඳයි” “සුදුසුයි” වගේ ප්‍රකාශ නොකොට ඒ සඳහා සැලසුම්සහගතව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවයි, ඔහු සඳහන් කළේ.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිසි ලෙස ලබා ගැනීමට හැකියාව ඇත්දැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සොයා බැලීමට මැතිවරණ කොමිසම පියවර ගතයුතුව තිබූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශපාලකයින් මුල් ගල් තබා ඒවා පැළවෙන්නට හරින්නේ යැයි ජනතාව චෝදනාව කරන්නේ නියමිත ප්‍රතිපාදන නොමැතිව වැඩ ආරම්භ කළ විට බව ද ජානක වක්කුඹුර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *