කොණ්ඩ වවාගත් භික්ෂූන්ට බෞද්ධ සරසවිය තහනම්..!

December 30, 2022 at 2:11 pm | by emanisa.lk

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමේ දී සියලු ම පැවිදි සිසුන් කොණ්ඩ හා රැවුල් බා විනයක් සහිතව පැමිණිය යුතු බව එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යය (උපකුලපති) මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පවසති.

විශ්වවිද්‍යාලයේ විනය පවත්වා ගැනීමට මේ වන විට නීති සකස් කරමින් සිටින බවත් නැවත විශ්වවිද්‍යාලය ආරම්භ වන තුරු ඔන්ලයින් දේශන පැවැත්වීමට කටයුතු ආරම්භ කර ඇති බවත් පාලන අධිකාරිය පවසයි.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් අමරපුර නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ පවසා ඇත්තේ දැඩි නීති පද්ධතියක් සහිතව මෙම විශ්වවිද්‍යාලය පාලනය කරන ලෙසයි. ශිෂ්‍යයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් විමසිලිමත් නොවීම ගැන ද මහානාහිමියෝ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට අප්‍රසාදය පළ කර ඇති බවද දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *