සිය පියා වන රාජිත සේනාරත්න සිරගත වූයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට ගොස් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චතුර සේනාරත්න පවසයි.
අධිකරණ වාර්තා නොමැතිව සුදු වෑන් මාධ්‍ය හමුව නොපවත්වන ලෙස තමා සිය පියාට දැනුම් දුන්න ද එය පිළිනොගෙන මාධ්‍ය හමුව කැඳවීමෙන් ඔහු සිරගත වූ බව ද චතුර සේනාරත්න හෙළි කළේය.
කොටි බෝම්බ කැබලි දෙකක් පපුවේ තබා ගෙන නතර කළ නොහැකි වූ රාජිත සේනාරත්නගේ දේශපාලනය යකඩ කූරුවලට නතර කළ නොහැකි බව මතක තියාගන්නා ලෙස ඔහු අවධාරණය කළේය.