කොටස් වෙළෙඳපොළ ඉහළ ගියේ ෆේස්බුක් වට්ස්ඇප් මැසේජ් නිසයි…! – ආචාර්ය හර්ෂ…

January 19, 2021 at 3:43 pm | by emanisa.lk

කොටස් වෙළෙඳපොළ මිළ දර්ශක ඉතා වේගයෙන් ඉහළ යාම කැලණි ගඟින් මතු වූ නාග රාජයා වැනි යැයි කිව හැකි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

කොටස් වෙළෙඳපොළ හේතු කිහිපයක් නිසා ඉහළ යා හැකි බව මන්ත්‍රීවරයා පවසයි.

බැංකු පොළී අඩු වීම නිසා එම මුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීම, එදිනෙදා පරිභෝජනය ඉහළ යාම ආදිය ඒ අතර වන බව මන්ත්‍රීවරයා කියයි.

කිසියම් පිරිසක් ෆේස්බුක් වට්ස්ඇප් මැසේජ් භාවිත කරමින් කොටස් වෙළෙඳපොළ හැසිරවීම ඒ සඳහා හේතුවක් විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

අහවල් කොටස් අද දින ඉහළ යනු ඇතැයි උදෑසන මැසේජ් කිරීම මගින් හැමදේට ම රැවටෙන අපේ මිනිසුන් රැවටිය හැකි බවත් හර්ෂ ද සිල්වා අනාවරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස