කෙහෙළිය කියන්නේ බොරු….! අපි ජපන් ආවේ අපේ වියදමින්…!

July 29, 2021 at 10:20 am | by emanisa.lk

ඇමැතිවරු ජපානයේ ඔලිම්පික් උලෙළ නැරඹීම සඳහා පැමිණියේ පෞද්ගලික ආයතනලින් ලබා ගත් ප්‍රතිපාදනවලින් බවට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සඳහා රජය හෝ පෞද්ගලික ආයතනයක් වියදම් ලබා නොදුන් බව ඔහු අවධාරණය කරයි.

සම්පූර්ණ සංචාරය සඳහා වියදම් සිය පෞද්ගලික මුදලින් දරන බවත් එම සංචාරයේ දී රටේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කටයුතු කරන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *