ඇමැතිවරුන් ඔලිම්පික් යන්න රජයේ මුදල් වැයකර නෑ….! – කෙහෙළිය…

July 27, 2021 at 3:36 pm | by emanisa.lk

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එහෙයින් මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට බලපෑමක් වී නැතැයි ද රජයේ මුදල් ඒ සඳහා වැය කර නැති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *