කුසල්ට ඇප! මරණකරුගේ පවුලට ලක්ෂ 10ක්!

July 6, 2020 at 3:07 pm | by emanisa.lk

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය අද (6) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

පානදුර  හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ඊයේ (5) දින අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මියගිය පාපැදිකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක් ලබා දීමට සැකකාර ක්‍රිකට් ක්‍රීඩක  කුසල් මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී එකඟ විය.

එයින් රුපියල් ලක්ෂ 2ක මුදලක් අද (6) දින ලබා දීමට ද කටයුතු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *