කුසලතාව දක්ෂතාව නිපුණතාව මට තියෙනවා…! බලය නැතිව රටට වැඩ කරල පෙන්නුවා…! ඩිජිටල් ආර්ථිකයක් හදල රට දියුණු කරනවා..! – සජිත්..

February 20, 2022 at 12:51 pm | by emanisa.lk

බලය ඇතත් නැතත් නිපුනතාව කුසලතාව ඇත්නම් රටට සේවය කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ තමා, දේශපාලනය උඩු යටිකුරු කළ බව සමගි ජන ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“ආණ්ඩුවක් තිබුණත් එකයි නැතත් එකයි බලය ඇතත් නැතත් අපිට හැකියාවක් තියෙනවා නම් නිපුනතාවක් දක්ෂතාවක් කුසලතාවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි රටට සේවයක් ඉෂ්ඨ කරන්න ඕන. අපි අද ඒක ප්‍රායෝගිකව පෙන්වලා තියෙනවා. දේශපාලනය උඩු යටිකුරු කරල තියනවා.

කොයි කාලෙද මේ රටේ දේශපාලනය ඉතිහාසයේ විපක්ෂයේ ඉඳගෙන මිලියන 126 දශම 4ක වෛද්‍ය උපකරණ රෝහල්වලට පරිත්‍යාග කළේ. මේ හුස්ම වැඩසටහන තුළින් නිරෝගී ජන පරපුරක් නිර්මාණය කරන්න. ඒ තුළින් රටේ ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්න.නිෂ්පාදන ධාරිතාවක් වර්ධනය කරන්න. අපි මේ අත හිත දෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් කරා රටේ සෞභාග්‍යය නිර්මාණය කරන්න

අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකය තමයි මේ රටේ වේගවත් සංවර්ධනයක් කරා යොමු කරන්න පුළුවන් එක වැදගත් මාර්ගයක්. මේ රටේ බොහෝ නායකයන් මොනවාද කරලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකය ඩිජිටල් විප්ලවය ලොකුවට කතා කරලා තියෙනවා. දැන් අද රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා විදේශ විනිමය හිඟයක්. ඩොලර් නෑ. පෝලිං යුගයට ගිහිල්ලා .

කිරිපිටි නැහැ. දැන් හෙට අනිද්දා බලාගන්න පුළුවන් ඉන්ධන මිල කොච්චර ඉහළ යයිද කියලා. ගෑස් හිඟයකුත් තියෙනවා.හැම තැනම ධන නෙවෙයි ඍණ. එහෙව් – ඍණ තත්ත්වයක් තිබෙන මොහොතේ කාට ද විවේචනය කරන්න පුළුවන් මේ වගේ සම්පතක් ජීවිතය බේරගන්න රාජ්‍ය සෞඛ්‍ය ආයතනයකට පරිත්‍යාග කරන එක.”

විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ සමගි ජන බලවේගය බලවේගයේ “හුස්මක් වැඩසටහන යටතේ” පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීමේ උත්සව සභාව අමතමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස