කුණු මාලු වගේ මුදලට විකිණෙන මන්ත්‍රී ලැයිස්තුව රටට කියනවා….!

April 20, 2024 at 5:45 pm | by emanisa.lk

ජනතා නියෝජිතයින් මුදලට විකිණීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

ඔහු අවධාරණය කළේ, ඉදිරියේ දී මේ පිරිස නම්ගම් ඇතුළු සියලු විස්තර සහිතව රටට හෙළි කරන බවයි.

මේ වන විට රටේ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැඟී ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

විදෙස් රටවලට ගෙවිය යුතු ණය නෙගෙවන විට, තෙල් සහ ගෑස් පරිභෝජනය අඩු කළ විට රුපියල ශක්තිමත් වන බව ඕනෑම අයකු දන්නා බවත් මර්වින් සිල්වා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *