මැතිවරණ කටේ පිල් මාරුව ඇරඹේ…! පොහොට්ටුවට බරපතළ හානී..!

January 7, 2024 at 9:36 am | by emanisa.lk

නුදුරේදීම පාර්ලිමේන්තුවේ පිල් මාරු කිහිපයක් සිදුවීමට සාකච්ඡා සිදුවෙමින් පවතින අතර නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වන දිනයේදීම මෙම පිල් මාරු සිදුවනු ඇති බවට ද බුද්ධි අංශ විසින් රජය දැනුම්වත් කර ඇත.

මෙම අය අතරින් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර පිරිසක් සමගි ජන බලවේගයටත් තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟක් එක්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

වත්මන් පාර්ලිමේන්තු සැසිය දින කිහිපයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වන අතර එහි දී දැනට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කමිටු රැසක් අහෝසි වීමට ද නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *