පිල් මාරුවෙන් සජබ නොසන්සුන්…! ඡන්දෙන් පැරෂුට් දියවන්නා යද්දි අරටු ගෙදර..!

January 7, 2024 at 3:42 pm | by emanisa.lk

මේ දිනවල අඩු කුළ නියෝජනය කරන ජනප්‍රිය දේශපාලන චරිත සමගි ජන බලවේගයට එකතු වීම නිසා එම පක්ෂයේ පිරිසක් නොසන්සුන්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ නිසා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයේ ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රී පිරිසකි.

ඒ කරාව කුලය නියෝජනය ශාන් විජයලාල් ද සිල්වා සහ දයාශ්‍රිත තිසේරා සමගි ජන බලවේගයට එකතු වී අම්බලන්ගොඩ සහ නාන්තන්ඩිය සමගි ජන බලවේග ආසන සංවිධායක ධූර ලබා ගැනීමත් සමගය.

සිය පීඩිත කුල පදනම මැතිවරණයේ දී භාවිත කරන මොවුන් සමගි ජන බලවේගයට එකතු වීම නිසා ඉදිරි මහා මැතිවරණයේ දී ඉතාම අපහසුවෙන් පක්ෂය ගොඩනැඟූ තමන්ට ආසන අහිමි වීමේ අවධානමක් ඇතැයි මෙම පිරිස මැසිවිලි නඟමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *