කුකුළු මස් මිල තවත් පහළට..! කිලෝව රු. 1050ට…!

September 21, 2023 at 9:21 am | by emanisa.lk

මේ වන විට කිලෝව රු. 1250ට අලෙවි වන කුකුළු මස් කිලෝවක මිල තවත් රු. 200කින් පමණ අඩු විය යුතු බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා සහ කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය අතර අද (21) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර මිල පහත දැමීම සඳහා සංගමය එකඟ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේ ම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *