දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව ද එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.
“දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි කියලා. ඒ අනුව මිල තවත් අඩු වෙයි.
රජය විසින් සියලු ම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා කිලෝව රු. 1,100 මිලට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු. ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්.”