කොරෝනා එළුවන්ට කුකුළන්ට අභයදානය දෙයි! යාපනේ කෝවිල්වල බිලි පූජා නවතී!

July 7, 2020 at 7:28 pm | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා මෙවර යාපනයේ කෝවිල් දෙකක සතුන් මරා බිලි පූජා පැවැත්වීමේ උත්සව අහෝසි කළ බව එම කෝවිල්වල බාරකාර කුරුක්කල්වරුන් නිවේදනය කොට තිබේ.

යාපනයේ වඩමරච්චි වල්ලිපුර වයිරවර් කෝවිලේ වාර්ෂික බිලි පූජා උළෙල පැවැත්වෙන්නේ අගෝස්තු මස අවසානයේ වන අතර නගුලේස්වර වයිරවර් කෝවිලේ බිලි පූජාව පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේදීය.

නමුත් මෙවර එම පූජා දෙකම අවලංගු කිරීමට එම කෝවිල්වල බාරකාර කුරුක්කල්වරුන් තීරණය කොට තිබේ.

ඔවුන් ඊට හේතු වශයෙන් දක්වන්නේ කොරෝනා උවදුර මැද සතුන් මැරීම නොකළ යුතු ක‍්‍රියාවක් වශයෙනි.

මෙම කෝවිල් දෙකේම බිලි පූජාවන් නවතාලීමට යාපනය මහාධිකරණයෙන් නියෝගයන් පවා ලබා ගෙන තිබිණි.

උතුරේ ශිව සේනා සංවිධානය හා නිර්මාංශවේදීන්ගේ සංගමය යාපනය මහාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමෙන් පසුව එවකට මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කල මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා මුලූ‍ යාපනය අර්ධද්වීපයේම කෝවිල්වල සතුන් බිල්ලට දීම නවතාලන තහනම් නියෝගයක් නිකුත් කළේය.

නමුත් ඇතැම් කෝවිල්වල ඉතා රහසිගතව හා යම් යම් අවස්ථාවලදී ප‍්‍රසිද්ධියේම සතුන් බිල්ලට දීම සිදුවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *